අලුත් කඩේ කළු කොඩි  


අග විනිසුරු නෙරැපීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට විරෝධය පාමින් කොළම අලුත් කඩේ නීතිඥවරු වැඩි පිරිසක් අද කළු මුකවාඩම් බැඳ උසාවිය ඉදිරිපිටට රැස්වී දෙවැනි දිනට ද වැඩ වර්ජනයේ යෙදී සිටිති. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට කළු කොඩියක් ද ඔසොවා ඇත. අද කළු සිකුරාදා වශයෙන් හඳුන්වන බව නීතිඥවරු කීය. මහේස්ත්‍රාත් නිල මැදිරිවලදී නඩු අඬ ගසා කල් තැබේ. මහේස්ත්‍රාත් උසාවියේ ද කලු කොඩියක් ඔසවා ඇත.